සංස්කාරක නිවේදනය
බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලායහෙි අටසාලිස් (48) වැන්න ද අභිධර්‍මපිටකයෙහි අටවැනි ග්‍රන්ථය.
සංඥාපනය
සම්බුදුරදුන් නයමුඛ වශයෙන් සැකෙවින් වදාළ, අගසවු සැරියුත් මහරහතුන් වහන්සේ විසින් විස්තර විභාග කොට වාචනාමාර්ගයට නඟනලද අභිධර්‍මපිකයෙහි සවැනි ප්‍රකරණය යමක ප්‍රකරණ නම් වෙයි. මේ වූකලි බෞද්ධ දර්ශනයෙහි නාමරූප ධර්මයන්ගේ යථාතත්වය ප්‍රශ්නොත්තර ස්වරූපයෙන් විවධාකාරයෙන් නිරූපණය වූ සියුම් නුවණට මැ විෂය වන ඉතා ගැඹුරු දහම්විවරණයෙකි. ‘ධම්මසඞ්ගණි’ ආදි සෙසු ප්‍රකරණයන්හි නිර්දිෂ්ට ධර්මයන් විශද කොට තර කිරීම යමකප්‍රකරණයෙන් සිදු වෙයි.
ථෙරවාදී මහතෙරවරු යමකප්‍රකරණයෙහි ප්‍රශ්න නඟා කුශාග්‍රබුද්ධිමත් විතණ්ඩවාදීන්ගේ ඔද තෙන සිඳැ ඔවුන් නිහඬ කළහ. සිග්ගව මහතෙරණුවන් සමග ත්‍රිවෙදපාරප්‍රාප්ත මොග්ගලිපුත්තතිස්ස බ්‍රාහ්මණ මාණවකයා කළ වාදයෙහි දී ‘සිග්ගව’ තෙරණුවෝ මාණවකහට චිත්තයමකයෙහි:
“යස්ස චිත්ත උප්පජ්ජති න නිරුජ්ඣති නූප්පජ්ජිස්සති. තස්ස චිත්තං නිරුජ්ඣිස්සති නූප්පජ්ජිස්සති.
යස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති නූප්පජ්ජිස්සති, තස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣතීති” යි
යමක්හට සිත උපදි නිරුද්ධ නො වෙයි, ඔහට සිත නිරුද්ධ වන්නේ නූපදනේ වේ ද?
තවද යමක්හට සිත නිරුද්ධ වන්නේ යැ නූපදනේ යැ, ඕහට සිත උපදි, නිරුද්ධ නො වේ ද?
යන ප්‍රශ්නය යොමු කළහ. මාණවක නිරුත්තර වැ දහම් උගන්නා පිණිස සිග්ගව තෙරුන් වෙත පැවිදී වී. ඔහු පසු කලෙකැ ‘මොග්ගලිපුත්තතිස්ස’ මහරහත් නමින් ප්‍රකට සඞ්ඝස්ථවිර වැ පරවාදමථන කොට ථෙරවාදය නඟා අශොක අධිරාජය්ගේ ධර්මවිජයෙහි සසුන් ව්‍යාප්ත කළ අයුරු ශාසන ඉතිහාසයෙහි පළ වෙයි. මෙසේ යමකප්‍රකරණය දාර්ශනිකයන්ගේ බහුමානයට පාත්‍ර වූයේ යි. මෙ තැන් සිට එහි නයවිභාග සැකෙවින් දක්වම්හ.
“කෙනට්ඨෙන යමකන්ති යුගළට්ඨෙන” - ‘කවර අරුතින් යමක වේ යැ යත්: යුගලාර්‍තථයෙනැ’ යි ‘යමකපාටිහාරය, යමකසාලා’ ආදි තන්හි සෙයින් යුගලාර්‍තථයෙන් යමක නම් වූ සැටි අර්‍තථ කථායෙහි දක්වනලද යැ. යුගළ සඞ්ඛ්‍යාත යමකයන්ගේ වශයෙන් දෙසනලද වන බැවින මෙ යමක නම් වෙයි.
මූලයමක යැ ඛන්ධයමක යැ ආයතනයමක යැ ධාතුයමක යැ සච්චයමක යැ සඞ්ඛාරයමක යැ අනුසයයමක යැ චිත්තයමක යැ ධම්මයමක යැ ඉන්ද්‍රියයමක යැ යි දශප්‍රකාරයෙන් යමකප්‍රකරණය විභාග කරනලදි.
මූලයමක
කුශලාදි ධර්මයන් මූල වශයෙන් පෘච්ඡාවිසර්ජන කොට දෙසන ලද්දේ මූලයමක නම, මූලයමකයෙහි දෙසූ කුශලාදිධර්මයන් ස්කන්ධ වශයෙන් සඞ්ග්‍රහ කරන ලද්දෙ ඛන්ධයමක නම, ආයතන වශයෙන් සඞ්ග්‍රහ කරන ලද්දෙ ආයතනයමක නම, ධාතු වශයෙන් සඞ්ග්‍රහ කොට දෙශන ලද්දෙ ධාතුයමක නම්, සත්‍යය වශයෙන් සඞ්ග්‍රහ කොට දෙසන ලද්දෙ සච්චයමක නම, කුශලාදි ධර්මයන් ලැබෙන පරිදි එකදෙශයක් සඞ්ග්‍රහ කොට කායසංස්කාර චිත්තසංස්කාර යන මෙහි ලා දෙසනලද්දෙ සඞ්ඛාරයමක නම, කුශලාදිධර්මයන් ලැබෙන පරිදි එකදෙශයක් සඞ්ග්‍රහ කොට අනුසයපදයන්හි ලා දෙසනලද්දෙ අනුසයයමක නම, කුශලාදිධර්මයන් ලැබෙන පරිදි එකදෙශයක් සඞ්ග්‍රහ කොට ‘සරාගං චිත්තං’ ආදි සොළොස් පදයෙහි ද ‘කුසලං චිත්තං’ ආදි අභිධර්මමාතෘකා පදයන්හි ද ලා දෙසනලද්දෙ චිත්තයමක නම, කුශලාදිධර්මයන්ගේ මාතෘකා තබා දෙනසලද්දෙ ධම්මයමක නම කුශලාදිධර්මයන් ලැබෙන පරිදි එකදෙශයක් සඞ්ග්‍රහ කොට ඉන්ද්‍රියයන්ගේ වශයෙන් දෙසනලද්දෙ ඉන්ද්‍රියයමක නමි.
මෙහි පාළි ව්‍යවස්ථානය නය, යමක, පෘච්ඡා, අර්‍තථ, වාර ප්‍රභේද වශයෙනි. මේ මූලයමකයෙහි කුශලත්‍රිකමාතෘකායෙහි ‘කුසලා ධම්මා’ යන ආදි පදය නිසා මූලනය යැ මූලමූලනය යැ මූලකනය යැ මූලමූලකනය යැ යි නය සතරෙක් වෙයි. ඒ එකෙකි නයෙහි මූලයමක යැ ඒකමූලයමක යැ අඤ්ඤමඤ්ඤමූලයමක යැ යි තුන් තුන් යමකයෝ වෙයි. සතර නයෙහි දොළොස් යමකයෙකි. එකෙකි යමකයෙහි අනුලොම ප්‍රතිලොම විසින් පෘච්ඡා දෙකක් දෙකක් බැවින් සූවිසි පෘච්ඡායෙකි. එකෙකි පෘච්ඡායෙහි සංශය, නිශ්චය වශයෙන් අර්‍ත්ථ දෙකක් දෙකක් බැවින් අටසාලිස් අර්‍ත්ථයෙකි. මෙසේ මැ අකුශලපදය නිසා ද අව්‍යාකෘතපදය නිසා ද එතුන් පදයන් එක්කොට දක්වනලද නාමපදය නිසා ද මෙතෙක් මැ ප්‍රභෙද වෙයි. මෙසේ කුශලත්‍රිකමාතෘකායෙහි සතර පදයෙහි ලා නය සොළසෙක් යමක අටසාලිසෙක් පෘච්ඡා සයානූවක් අර්‍ත්ථ එක්සිය දෙයානූවක් උද්දෙශ වශයෙන් කියනලද යැ.
එ මැ මූලවාරයාගේ පර්‍ය්‍යාය වශයෙන් හේතුවාර යැ නිදානවාර යැ සම්භවවාර යැ ප්‍රභවවාර යැ සමුත්ථානවාර යැ ආහාරවාර යැ ආලම්බනවාර යැ පච්වයවාර යැ සමුදයවාර යැ යි තවද නවවාරයෙක් දක්වනලද යැ සියල්ල දසයෙකි. දසවාරයෙහි නය එක්සියසැටෙකැ යමක සාරසියඅසූවකැ පෘච්ඡා නවසියසැටෙකැ අර්‍ත්ථ එක්දහස් නවසියවිස්සෙකි, උද්දෙශ නිර්දෙශ විසින් මෙහි වාර දෙකෙකි. උද්දෙශවාරයෙහි නැඟු ප්‍රශ්නයන්ට නිර්දෙශවාරයෙහි පිළිතුරු සැපැයෙයි.
ඛන්ධයමක
ප්‍රඥප්තිවාර: මූලයමකයෙහි දෙසූ කුශලාදිධර්මයන් ස්කන්ධ වශයෙන් සඞ්ග්‍රහ කොට දෙසනලද්දෙ ඛන්ධයමක නම් වෙයි. මෙහි මහාවාර තුනෙක්. ප්‍රඥප්තිවාර යැ ප්‍රවෘත්තිවාර යැ පරිඥාවාර යැ කියා යි. ප්‍රඥප්තිවාරයෙහි ලා ස්කන්ධයන්ගේ නාමාභිධාන ශොධන කෙරෙයි. ප්‍රවෘත්තිවාරයෙහි ලා ශොධිත නාමාභිධාන ඇති ස්කන්ධයන්ගේ උත්පාද නිරොධ වශයෙන් ප්‍රවෘත්තිය ශොධන කෙරෙයි. පරිඥාවාරයෙහි ලා ප්‍රවෘත්ත ස්කන්ධයන්ගේ ප්‍රත්‍යුත්පන්න අතීත අනාගත කාල වශයෙන් ත්‍රිවිධ පරිජානනය සැකෙවින් දැක්වෙයි. ප්‍රඥප්තිවාරය උද්දෙශ නිර්දෙශ විසින් දෙ අයුරින් බෙදා දක්වනද යැ. ප්‍රවෘත්ති පරිඥාවාරයන්හි උද්දෙශවාරයෙක් නැත. පෘච්ඡා විසර්ජන වශයෙන් විභාග කරනලද යැ. නය විසින් පදශොධනවාර යැ, පදශොධනමූලචක්‍රවාර යැ, ශුද්ධස්කන්ධවාර යැ, ශුද්ධස්කන්ධමූලචක්‍රවාර යැ යි නයවාර සතරෙකි.
පදශොධනවාරයෙහි ලා “රූපය රූපස්කන්ධ වේ ද? රූපස්කන්ධය රූප වේ ද?” ආදීන් පදශොධන කෙරෙයි. එ ද අනුලොම ප්‍රතිලොම පෘච්ඡා විසින් ද්විවිධ වෙයි. “රූපය රූපස්කන්ධ වේ ද? රූපස්කන්ධය රූප වේ ද?” යනු අනුලොම පෘච්ඡා යැ. “රූප නො වූයෙ රූපස්කන්ධ නො වේ ද? රූපස්කන්ධ නො වූයෙ රූප නො වේ ද?” යනු ප්‍රතිලොම පෘච්ඡා යි. එහි පඤ්චස්කන්ධයාගේ වශයෙන් අනුලොම යමක පසෙක් ද ප්‍රතිලොම යමක පසෙක් දැ යි යමක දශයෙකි.
පදශොධනවාරයෙහි ශොධිත ස්කන්ධයන් ගෙන “රූපය රූප ස්කන්ධ වේ ද? සක්න්ධයෝ වෙදනාස්කන්ධ වේ ද?” ආදීන් එක් එක් ස්කන්ධයක් මුල් කොට සතර සතර බැවින් චක්‍ර බඳනා ලද්දෙ පදශොධන මූලචක්‍රවාර නම් වෙයි. එ ද අනුලොම ප්‍රතිලොම පෘච්ඡා විසින් ද්විවිධ වෙයි. එකෙකි ස්කන්ධයෙහි වාර සතර සතර බැවින් පඤ්චකස්කන්ධයෙහි අනුලොම යමක විස්සෙක් ද ප්‍රතිලොම යමක විස්සෙක් දැ යි යමක සාලිසෙකි.
“රූපය රූපස්කන්ධ වේ ද? ස්කන්ධයෝ රූප වේ ද?” ආදීන් අමිශ්‍ර කොට චක්‍ර බඳනාලද්දෙ ‘ශුද්ධස්කන්ධවාර’ නම් වෙයි. මෙ ද අනුලොම පෘච්ඡා විසින් ද්විවිධ වෙයි. මෙහි අනුලොම පසෙක් ද ප්‍රතිලොම පසෙක් දැ යි යමක දශයෙකි.
“රූපය ස්කන්ධ වේ ද? ස්කන්ධයෝ වෙදනා වේ ද?” ආදීන් එකෙකි ස්කන්ධයන් මුල් කොට සතර සතර බැවින් චක්‍ර බඳනා ලද්දෙ ‘ශුද්ධස්කන්ධමූලචක්‍රවාර’ නම් වෙයි. එ ද අනුලොම ප්‍රතිලොම විසින් ද්විවිධ යැ. එකෙකි ස්කන්ධයන් මුල් කොට සතර සතර චක්‍ර බැවින් අනුලොම යමක විස්සෙක් ද ප්‍රතිලොම යමක විස්සෙක් ද වෙයි.
මෙසේ උද්දෙශවාරයෙහි යමක සියයෙක් ද එකකි යමකයෙහි පෘචඡා දෙක බැවින් පෘච්ඡා දෙසියෙක් ද එකකි පෘච්ඡායෙහි සංශය නිශ්චය විසින් අර්‍ත්ථ දෙක බැවින් අර්‍ත්ථ සාරසියයෙක් ද ලැබේ. නිර්දෙශවාරයෙහි ලා උද්දෙශවාරයෙහි උද්දිෂ්ට එකෙකි ප්‍රශ්නයට පිළිතුරු සැපැයෙයි.
ප්‍රවෘත්තිවාර: ප්‍රඥප්තිවාරයෙහි උද්දෙශවාර නය දක්වනලද හෙයින් ප්‍රවෘත්තිවාරයෙහි ලා නිර්දෙශවාර පමණක් ගන්නාලදි. මේ ප්‍රවෘත්ති මහාවාරයෙහි උත්පාදවාර යැ නිරොධවාර යැ උත්පාදනිරොධවාර යැ යි අතුරුවාර තුනෙක් වෙයි. උත්පාදවාරයෙහි ලා ධර්මයන්ගේ උත්පාද ලක්ෂණ දක්වයි. නිරොධවාරයෙහි ලා ඔවුන්ගේ මැ නිරොධ ලක්ෂණ දක්වයි. උත්පාදනිරොධවාරයෙහි ලා එදෙක්හි ලක්ෂණ දක්වයි.
උත්පාදවාරය කාල වශයෙන් ප්‍රත්‍යුත්පන්න යැ, අතීත යැ, අනාගත යැ, ප්‍රත්‍යුත්පන්නාතීත යැ, ප්‍රත්‍යුත්පන්නානාගත යැ, අතීතානාගත යැ ය වාර සයෙකැ බෙදා දක්වනලද යැ. ප්‍රත්‍යුත්පන්නවාරයෙහි යළි පුද්ගල, අවකාශ, පුද්ගලාවාකාශ විසින් වාර තුනෙකි. එ ද අනුලොම ප්‍රතිලොම විසින් ද්විවිධ වෙයි. පුද්ගලාවාරයෙහි රූපස්කන්ධය මුල් කොට යමක සතරෙකැ වෙදනාස්කන්ධය මුලකොට තුනෙකැ සංඥාස්කන්ධය මුල කොට දෙකෙකැ සංස්කාරස්කන්ධය මුල් කොට එකෙකැ යි අනුලොම යමක දශයෙකැ එසෙයින් මැ අවකාශවාරයෙහි දසයෙකැ පුද්ගලාවකාශවාරයෙහි දශයෙකැ යි වාරත්‍රයෙහි අනුලොම යමක තිසෙකි. එසේ මැ ප්‍රතිලොම යමක තිසෙකැ යි යමක සැටෙකි. පෘ්චාඡා එක්සියවිස්සෙකි. අර්‍ත්ථ දෙසියසාලිසෙකි. අවශෙෂ එක් එක් කාලයෙහි ද මෙසේ මැ ප්‍රභෙද වෙයි. කාලවාර සයෙහි යමක තුන්සිය සැටෙකැ, පෘචාඡා සතිසියවිසෙකැ, අර්‍තථ එක්දහස් සාරසිය සාලිසෙකි. මේ දක්වන ලද්දෙ උත්පාදවාර පාළි විභාගය යි. නිරොධවාර උත්පාදනිරොධවාර දෙක්හිදු අර්‍ත්ථ විකල්පනය මෙසේ මැ දතයුතු.
පරිඥාවාර: පරඥාවාරයෙහි ද කාලප්‍රභෙද සයත් අනුලොම ප්‍රතිලො දෙනයත් ලැබෙයි. පුද්ගලවා අවකාශවාර පුද්ගලාවකාශවාර අතුරෙන් පුද්ගලවාරය මැ ලැබෙයි. පරිජානන කෘත්‍යය පුද්ගලයා විසින් මැ කළයුතු වන බැවින් අවකාශවාර පුද්ගලාවකාශවාර එහි නො යෙදෙයි. එහි ප්‍රත්‍යත්පන්නවාරයෙහි රූපස්කන්ධය මුල් කොට සතරෙකැ, වෙදනාස්කන්ධය මුල කො තුනෙකැ, සංඥාස්කනාධය මුල් කොට දෙකෙකැ, සංස්කාරස්කන්ධය මුල් කොට එකෙකැ යි යට කියනලද පරිදි මැ අනුලොම නයෙහි දස යමකයෙක් ද ප්‍රතිලොම නයෙහි දස යමකයෙක් දැ යි යමක විස්සෙක් ලැබෙයි. එක් එක් කාලභෙදයෙහි විස්ස විස්ස බැවින් වාර සයෙහි යමක එක්සිය විස්සෙක් ද පෘච්ඡා දෙසියසාලිසෙක් ද අර්‍ත්ථ සාරසියඅසූවක් ද වේ.
ආයතන යමක
ප්‍රඥප්තිවාර: මූලයමකයෙහි දෙසූ කුශලාදිධර්මයන් මැ ආයතන වශයෙන් සඞ්ග්‍රහ කරනලද්දෙ ආයතනයමක නම. මෙහි පාළි විභාගය ස්කන්ධයමකයෙහි මෙනි. එහි මෙන් මෙහිදු ප්‍රඥප්තිවාර යැ ප්‍රවෘත්තිවාර යැ පරිඥාවාර යැ යි මාහාවාර තුනෙකි. ප්‍රඥප්තිවාරය උද්දෙශ නිර්දරශ විසින් ද්විවිධ වෙයි. ප්‍රවෘත්ති පරිඥාවාර දෙක්හි නිර්දෙශවාර පමණි. නයවාර දොළොස් ආයතනයන්ගේ වශයෙන් පදශොධනවාර යැ පදශොධනමූලචක්‍රවාර යැ ශුද්ධායතනවාර යැ ශුද්ධායතනමූලචක්‍රවාර යැ යි සතරෙකි. එකෙකි නයවාරය අනුලොම ප්‍රතිලොම විසින් ද්විවිධ වෙයි.
පදශොධනවාරයෙහි ද්වාදශායතනයන්ගේ වශයෙන් අනුලොම යමක දොළොසෙක් ද ප්‍රතිලොම යමක දොළොසෙක් දැ යි සූවිසි යමකයෙක් වෙයි. පදශෝධනමූලචක්‍රවාරයෙහි එකෙකි ආයතනය මුල් කොට එකොළොස් එකොළොස් යමක බැවින් දොළොස් පදයෙහි අනුලොම එක්සිය දෙතිසෙක් ද ප්‍රතිලොම යමක එක්සිය දෙතිසෙක් ද ප්‍රතිලොම යමක එක්සිය දෙතිසෙක් දැ යි දෙසිය සූ සැට යමක කෙනෙක් වෙති. ශුද්ධායතනවාරයෙහි දොළොස් පදයෙහි අනුලොම දොළොසෙකැ ප්‍රතිලොම දොළොසෙකැ යි සූවිසි යමකයෙකි. ශුද්ධායතනමූලචක්‍රවාරයෙහි එකෙකි ආයතන මුල් කොට එකොළොස එකොළොස බැවින් දොළොස් පදයෙහි අනුලොම එක්සියදෙතිසෙකැ ප්‍රතිලොම එක්සිය දෙතිසෙකැ යි දෙසියසූසැට යමකයෝ වෙති. මෙසේ ප්‍රඥප්ති උද්දෙශයෙහි යමක පන්සිය සසැත්තෑවක් ද පෘච්ඡා එක්දහස් එක්සිය දෙපනසෙක් ද අර්‍ත්ථ දෙදහස් තුන්සිය සතරෙක් ද ලැබෙයි. නිර්දෙශයෙහි දී පෙරසේ මැ උදෙසූ ප්‍රශ්නයනට අනුක්‍රමයෙන් පිළිතුරු සැපැයෙයි.
ප්‍රවෘත්තිවාරඪ මෙහිදු උත්පාදවාර, නිරොධවාර, උත්පාදනිරොධවාර යන තුන් අතුරුවාරයෙහි එකක් එකක් කාලභෙදයෙන් සවැදෑරුම් වෙයි. එකකි කාලයෙහි පුද්ගලවාර අවකාශවාර පුද්ගලාවකාශවාර විසින් වාරත්‍රයෙකි. එහැම අනුලොම ප්‍රතිලොම නය විසින් ද්විවිධ වෙයි.
ප්‍රත්‍යූත්පන්න පුද්ගලවාර අනුලොම නයෙහි චක්ඛායතනය මුල් කොට යමක එකොළොසෙකැ සොතායතනය මුල් කොට දශයෙකැ ඝානායතනය මුල් කොට නවයෙකැ ජිව්හායතනය මුල් කොට අටෙකැ කායායතනය මුල් කොට සතෙකැ රූපායතනය මුල් කොට සෙකැ සද්දායතනය මුල් කොට පසෙකැ ගන්ධායතනය මුල් කොට සතරෙකැ රසායතනය මුල් කොට තුනෙකැ ඵොට්ඨබ්බායතනය මුල් කොට දෙකෙකැ මනායතනය මුල් කොට එකෙකැ යි යමක සසැටෙක් වෙයි. මෙසේ මැ අවකාශවාරයෙහි සසැටෙක් ද පුද්ගලාවකාශවාරයෙහි සැසැටෙක් දැ යි චාරත්‍රයෙහි එක්සිය අටානූවක් යමකයෝ වෙති. ප්‍රතිලොමනයෙහි දු එතෙක් ැ යමකයෝ ලැබෙති. දෙනයෙහි යමක තුන්සිය සයානූවකැ පෘච්ඡා සත්සිය දෙයානූවක1 අර්‍ත්ථ එක්දහ්ස පන්සිය සූවාසූවකි. මෙසෙයින් අවශෙෂ කාලභෙද පස ද එක් කොට ගත් කල්හි යමක දෙදහස් තුන්සිය සසැත්තෑවකැ, පෘච්ඡා සාරදහස් සත්සිය දෙපනසෙකැ, අර්‍ත්ථ නවදහය පන්සිය සතරකැ යි දතයුතු. මෙ දක්වනලද්දෙ උත්පාදවාරයෙහි නය පමණි නිරොධවාරයෙහි ද උත්පාදනිරොධවාරයෙහි ද මෙතෙක් මැ නය විභාග කළයුතු.
පරිඥාවාරය ස්කන්ධයමකයෙහි කී නයින් මැ ගතයුතු.
ධාතුයමක
මූලයමකයෙහි දෙසූ කුශලාදි ධර්මයන් ධාතු වශයෙන් සඞ්ග්‍රහ කරන ලද්දෙ ධාතුයමක නම් වෙයි. මෙහි දු පාළි විභාගය ආයතනයමකයෙහි කී නයින් මැ දතයුතු. ප්‍රඥප්තිවාරාදි තුන් මහාවාර ද අවශෙෂ අන්තරවාර ද කාලප්‍රභෙදාදිය ද ආයතනයමකයෙහි මෙනි. ධාතු අටළොසක් වන බැවින් නයවිකල්ප ආයතනයමකයට වඩා අධික වෙයි. එ හැම ආයතනයමකයෙහි කී නයානුසාරයෙන් ගත යුතු.
සච්වයමක
මූලයමකයෙහි දෙසූ කුශලාදි ධර්මයන් සත්‍යය වශයෙන් සඞ්ග්‍රහ කරනලද්දෙ ‘සච්වයමක’ නම් වෙයි. යට දැක්වූ නයින් මැ ප්‍රඥප්තිවාරාදී තුන් මහාවාරයෝ ද අන්තරවාරාදි අවශෙෂ ප්‍රභෙදයෝ ද දතයුත්තාහ. ප්‍රඥප්තිවාරයෙහි සතර සත්‍යයන්ගේ වශයෙන් පදශොධනවාර, පදශොධන මූලචක්‍රවාර, ශුද්ධසත්‍යවාර, ශද්ධසත්‍යමූලචක්‍රවාර යම මේ සතරවාරයෙහි යමක සඞ්ඛ්‍යාව දතයුතු.
ප්‍රවෘත්තිවාරයෙහි ප්‍රත්‍යුත්පන්නපුද්ගලවාර අනුලොමනයෙහි නිරොධයාගේ උත්පාදනිරොධ නොයෙදෙන බැවින් දුක්ඛසත්‍යය මුල් කොට සමුදයසත්‍යය මාර්ගසත්‍යය සමග යමක දෙකක් ද සමුදයසත්‍යය මුල් කොට මාර්ගසත්‍යය සමග එකක් දැ යි යමක තුනක් ලැබෙයි. ප්‍රතිලොමනයෙහි ද අවකාශවාරාදියෙහි ද එ පමණ මැ වෙයි. මෙසේ හැම වාරයෙහි මැ තුන් තුන් යමකයන්ගේ වශයෙන් යමක ගිණියැයුතු.
සත්‍යයමක ප්‍රවෘත්තිවාරයෙහි නිරොධසත්‍යය නො ලැබේ මැ යි. සමුදයසත්‍යයත් මාර්ගසත්‍යයත් යන දෙක ප්‍රවෘත්තියෙහි ද ලැබෙයි. කාල භෙදය ච්‍යුතිප්‍රතිසන්ධීන්ගේ ද ප්‍රවෘත්තියගේ ද වශයෙන් ලැබෙයි. ලැබෙන පරිදි අර්‍ත්ථ විනිශ්චය දතයුතු.
සංස්කාරයමක
මූලයමකයෙහි දෙසූ කුශලාදි ධර්මයන් ලැබෙන පරිදි එක දෙශයෙකින ගෙන සංස්කාරයන්ගේ වශයෙන් සඞ්ග්‍රහ කරනලද්දෙ සංස්කාරයමක නම් වෙයි. කායසංස්කාර, වාක්සංස්කාර, චිත්තසංස්කාර විසින් සංස්කාර තුනෙකි. මෙහි දු ප්‍රඥප්තිවාරාදි තුන් මහාවාරයෝ ද අන්තරවාරයෝ ද අවශෙෂ ප්‍රභෙදයෝ ද පළමු කී නයින් මැ දතයුත්තාහ.
ප්‍රඥප්තිවාරයෙහි: පදශොධනවාර අනුලොමනයෙහි යමක තුනෙකැ ප්‍රතිලොමනයෙහි තුනෙකැ යි යමක සයෙක් වෙයි. පදශොධනමූලචක්‍රවාරයෙහි එකෙකි. සංස්කාරය මුල් කොට යමක දෙකක් දෙකක් බැවින් සයෙකැ ප්‍රතිලොමනයෙහි සයෙකැ යි යමක දොළොසෙකි. ශුද්ධමූලචක්‍රවාරය මෙහි නො ගන්නා ලද යැ.
ප්‍රවෘත්තිවාරයෙහි: ප්‍ර්‍යත්පන්කාරල පුද්ගලවාර අනුලොම නයෙහි කාසංස්කාරය මුල් කොට යමක දෙකෙක් ද වාක් සංස්කාරය මුල් කොට එකෙක් දැ යි යමක තුනෙක් ලැබෙයි. ප්‍රතිලොමනයෙහි දු අවකාශාදි වාරයන්හි දු තුන් තුන් යමක විසින් යමක සඞ්ඛ්‍යා දතයුතු.
අනුසයයමක
මූලයමකයෙහි දෙසූ කුශලාදි ධර්මයන් ලැබෙන අයුරින් එකදෙශයෙකින් ගෙන අනුශයයන්ගේ වශයෙන් සඞ්ග්‍රහ කරනලද්දෙ ‘අනුසයයමක’ නම් වෙයි. මෙහි පරිච්ඡෙදවාර යැ පරිච්ඡින්නුද්දෙසවාර යැ උප්පත්තිට්ඨානවාර යැ යි වාර තුනෙක් වෙයි. යළි අනුසයවාර යැ සානුසයවාර යැ පජහනවාර යැ පරිඤ්ඤාවාර යැ පහීනවාර යැ උප්පජ්ජනවාර යැ ධාතුවාර යැ යි සත් මහාවාරයෙක් වෙයි.
මෙහි අනුසයවාර අනුලොම ප්‍රතිලොම නය විසින් ද්විවිධ ය. අනුලොම නයෙහි පුද්ගලවාර යැ අවකාශවාර යැ පුද්ගලාවකාශවාර යැ යි අතුරු වාර තුනෙක් වෙයි. පුද්ගලවාරයෙහි කාමරාගානුසය මුල් කොට යමක සයෙකැ පටිඝානුසය මුල් කොට පසෙකැ මානානුසය මුල් කොට සතරෙකැ දිට්ඨානුසය මුල්කොට තුනෙකැ විචිකිච්ඡානුසය මුල් කොට දෙකෙකැ භවරාගානුසය මුල් කොට එකෙකැ යි එකමූලක යමක් එක්විස්සෙක් වෙයි. යළි දුකමූලක පසෙකැ තිකමූලක සතරෙකැ චතුක්කමූලක තුනෙකැ පඤ්චකමූලක දෙකෙකැ ඡක්කමූලක එකෙකැ යි අන්‍ය වූ ද යමක පසළොසෙක් වෙයි. පළමු එක්විස්ස හා සමග පුද්ගලවාරයෙහි සතිස් යමකයෝ වෙති.
මෙසේ මැ අවකාශවාරයෙහි සතිසෙකැ පුද්ගලාවාකාශවාරයෙහි සතිසෙකැ යි අනුලොමනයෙහි අටතුරාසියක් යමකයෝ වෙති. එපරිදි මැ ප්‍රතිලොමනයෙහි දු අටතුරාසියෙකි. සියල්ල එක් වැ දෙසිය සොළසෙකි. පෘච්ඡා සාරසිය දෙතිසෙකි. අර්‍ත්ථ අටසිය සූසැටෙකි. මෙ පරිදි සානුසයවාර යැ පජහනවාර යැ පරිඤ්ඤාවාර යැ පහීනවාර යැ උප්පජ්ජනවාර යැ යන වාර පසෙහි දු එකෙකි වාරයෙහි මෙතෙක් මැ යමකයෝ ලැබෙති. යමක දෙගුණ කොට පෘච්ඡා ද, එ දෙගුණ කොට අර්‍ත්ථයෝ ද දතයුත්තාහ. අවකාශවාරයෙහි “යත්ථ තත්ථ” යී සප්තමී නිර්දෙශ නො කොට “යතො තතො” යි පඤ්චමී නිර්දෙශය මෙහි විශෙෂයෙකි.
ධාතුවාරය: පෘච්ඡාවාර යැ විසර්ජනවාර යැ යි දෙපරිදි වෙයි. මෙහි එකෙකි යමකයෙහි එකෙකි පෘච්ඡායෙක් මැ වෙයි. කාමධාතුමූලක අනුලොමපෘච්ඡා ශුද්ධික සයෙකැ මිශ්‍රක තුනෙකැ යි නවයෙකි. එසේ මැ රූපධාතුමූලක නවයෙකැ අරූපධාතුමූලක නවයෙකැ යි අනුලොමපෘච්ඡා සත්විස්සෙකැ ප්‍රතිලොමපෘච්ඡා සත්විස්සෙකැ දුකමූලකපෘච්ඡා සත්විස්සෙකැ යි එකාසූ පෘච්ඡාවෝ වෙත්.
චිත්තයමක
මූලයමකයෙහි දෙසූ කුශලාදි ධර්මයන් ලැබෙන සේ එකදෙශයෙකින් ගෙන චිත්ත වශයෙන් සඞ්ග්‍රහ කරනලද්දේ ‘චිත්තයමක’ නම් වෙයි. මෙහි මාතෘකා තැබීම යැ තැබූ මාතෘකා විසඳීම යැ යි වාර දෙකෙකි. මාතිකාඨපනයෙහි පුද්ගලවාර යැ ධර්මවාර යැ පුද්ගලධර්මවාර යැ යි ශුද්ධික මහාවාර තුනෙකි. “සරාගං චිත්තං” ආදි සොළොස්පදයෙන් වෙසෙසනලද පුද්ගලවාර සොළොසෙකැ ධර්වාර සොළොසෙකැ පුද්ගලධර්මවාර සොළොසෙකැ යි මිශ්‍රකවාර අටසාලිසෙක් වෙයි. “කුසලං චිත්තං”ආදි නයින් දෙසිය සසැටෙකැ ධර්මවාර දෙසිය සසැටෙක පුද්ගලධර්මවාර දෙසිය සසැටෙකැ යි සත්සිය අටානූවක් මිශ්‍රකවාරයෝ වෙති.
ඔවුනතුරෙහි ශුද්ධි කපුද්ගල මහාවාරයෙහි: උත්පාදනිරොධකාලසම්භෙදවාර යැ උත්පාදොත්පන්න වාර යැ නිරොධොත්පන්නවාර යැ උත්පාදවාර යැ නිරොධවාර යැ උත්පාදනිරොධවාර යැ උත්පද්‍යමානනිරොධවාර යැ උත්පද්‍යමානොත්පන්නවාර යැ නිරධ්‍යමානොත්පන්නවාර යැ උත්පන්නොත්පාදවාර යැ අතීතානාගතවාර යැ උත්පන්නොත්පද්‍යමානවාර යැ නිරුද්ධනිරුධ්‍යමානවාර යැ අතික්‍රාන්තකාලවාර යැ යි අන්තරවාර තුදුසෙකි.
ඔවුනතුරෙහි: උත්පාදවාර යැ නිරොධවාර යැ උත්පාදනිරොධවාර යැ යන මේ වාරත්‍රයෙහි අනුලොම ප්‍රතිලොම වශයෙන් සයක් සයක් බැවින් අටළොස් යමකයෙක් වෙයි. උත්පන්නිොත්පාදවාරයෙහි අතීතානාගාතකාල වශයෙන් අනුලොම නය දෙකෙකැ ප්‍රතිලොම නය දෙකෙකැ ය යමක සතරෙකි. සෙසු වාරයන් අතුරෙහි ආදයෙහි කී වාරත්‍රය යැ අන්තරවාරත්‍රය යැ අවසානවාර සතර යැ යන දසවාරයෙහි එකෙකි වාරයෙහි අනුලොම එකෙකැ ප්‍රතිලොම එකෙකැ යි යමක විස්සෙකි. මෙසේ තුදුස් අතුරුවාරයෙහි යම දෙසාළිසෙක් ලැබෙයි. එහි පෘච්ඡා සූවාසූවකි. අර්‍ත්ථ එක්සිය අටසැටෙකි. ශුද්ධික ධර්මවාරයෙහි දු ශුද්ධකි පුද්ගලධර්මවාරයෙහි දු මෙතෙක් මැ යමකයෝ වෙති. සියලු යමක එක්සිය සවිස්සෙකැ. එමෙන් දෙගුණයක් පෘච්ඡා ද එමෙන් දෙගුණයක් අර්‍ත්ථයෝ ද වෙති. මෙසෙයින් සෙසු වාරයන්හි දු යමක සඞ්ඛ්‍යා දතයුතු.
ධම්මයමක
මූලයමකයෙහි දෙසූ කුශලාදි ධර්මයන්ගේ මාතෘකා තබා චිත්තයමකයට අනතුරු වැ සඞ්ග්‍රහ කරනලද්දෙ ‘ධම්මයමක’ නම් වෙයි. මෙහි පාළි විභාගය සකන්ධයමකයෙහි මෙනි. ප්‍රඥප්තිවාරයෙහි කුශලාදිධර්මයන්ගේ වශයෙන් පදශොධනවාර යැ පදශොධනමූලචක්‍රවාර යැ ශුද්ධධර්මවාර යැ ශුද්ධධර්මමූලචක්‍රවාර යැ යන මේ නය සතරෙහි යමක සඞ්ඛ්‍යා පළමු කී නයානුසාරයෙන් සලකන්නෙ යැ.
ප්‍රවෘත්තිවාරයෙහි: ප්‍රත්‍යුත්පන්න පුද්ගලවාර අනුලොමනයෙහි කුශලධදර්ම මුල් කොට යමක දෙකෙකැ අකුශලධර්ම මුල් කොඩ එකෙකැ යි යමක තුනෙක් ලැබෙයි. ප්‍රතිලොම නයෙහි දු අවකාශාදිවාරයන්හි දු මෙතෙක් මැ වෙයි. හැමවාරයෙකැ මැ තුන් තුන් යමකයෝ ගිණියැ යුත්තාහ.
ඉන්ද්‍රියයමක
මූලයමකයෙහි දෙසූ කුශලාදි ධර්මයන් ලැබෙන පරිදි එකදෙශයෙකින් ගෙන ඉන්ද්‍රියන්ගේ වශයෙන් සඞ්ග්‍රහ කරනලද්දෙ ‘ඉන්ද්‍රියයමක’ නම් වෙයි. පාළි විභාගය ස්කන්ධයමකාදියෙහි මෙනි. ප්‍රඥප්තිවාරාදි තුන් මහාවාරයෝ ද අවශෙෂ අන්තරවාරයෝ ද කාල ප්‍රභෙදාදිය ද ස්කන්ධයමකයෙහි ආ පරිදි මැ ගතයුතු. ඉන්ද්‍රිය සඞ්ඛ්‍යා බොහෝ බැවින් ධාතුයමකයට ද වඩා මෙහි යමකවිකල්පයෝ වෙති. පළමු කී නයානුසාරයෙන් නයවිභාග දතයුතු.
කරහම්පිටිගොඩ සුමනසාර සතරකෝරළ මහාදිසාවේ ප්‍රධාන සඞ්ඝනායක ස්ථවිර
රෙවත පිරිවෙන, මාකඩවර, හිඟුල. 85.6.21
මෙයට, සසුන් වැඩ කැමැති, කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිර
ත්‍රිපිටක කාර්‍ය්‍යාලය, මහානායක චාරිකාරාමය, 115, විජේරාම මාවත, කොළඹ 7, 1976, සැප්තැම්බර් 20 වැනි දින දීය.