අභිධර්මය හැදෑරීමට පහත දේශනා මාලා භාවිතා කරන්න.

අභිධර්ම දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේගේ හේතු ඵල ධර්ම දේශනා අතරින් ගැඹුරුම දේශනාව වන්නේ සූවිසි ප්‍රත්‍යය දේශනාවයි. එය ඇතුලත් වන්නේ පට්ඨාන ප්‍රකරණයෙහි ය. මෙම ආරම්භක දේශනයේදී පට්ඨාන ප්‍රකරණ පිළිබඳව හැඳින්වීම ද, සූවිසි පට්ඨානයන් පිළිබඳ කෙටි විස්තරයක් ස්වාමින් වහන්සේ සිදුකරමින් සූවිසි ප්‍රත්‍යය විස්තර කෙරෙන දේශනා මාලාවකි.

සප්ත ප්‍රකරණය අතරින් ධම්මසංගණීප්පකරණය ඒ නාම-රූප ධර්මයන් බෙදා දක්වන අතර එය අභිධර්මයේ පදනම වේ. එය චිත්ත කාණ්ඩය, රූප කාණ්ඩය, නික්ෂේප කාණ්ඩය, අත්ථුද්ධාර වශයෙන් කාණ්ඩ සතරකට බෙදේ. මෙම කාණ්ඩ සතරට පෙර අභිධර්මයේ පැමිණෙන මාතෘකා (මාතිකා) දේශනා කොට ඇත. මෙම ප්‍රකරණයේ දී සිදු කෙරෙනුයේ එම මාතිකා දීර්ඝ වශයෙන් විස්තර කිරීම යි.






