අභි සහ ධම්ම යන පද දෙක එකතු කිරීමෙන් අභිධම්ම හෙවත් අභිධර්ම යන වචනය නිර්මාණය වී තිබේ. ඒ අනුව ධම්ම යන්නට පසුව අභිධම්ම යන්න සැකසී ඇති බව පැහැදිලි ය. අටුවාචාර්ය බුද්ධඝෝස හිමියන්ගේ නිර්වචනය අනුව ධම්ම යන්නට අභි යන උපසර්ග පදය මුලින් යෙදුවිට අභිධර්ම යන්නෙන් අතිරේක ධර්මය විශේෂ ධර්මය යන අර්ථය නිර්මාණය වේ..... කියවන්න.
ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, හැම කෙනෙක් ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සුදානම් වෙන මොහොත. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලෙහි දේශනා කරන ලද ඒ උතුම් ධර්මය අද දවසේදී ත්‍රිපිටකය විදිහට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. එහිදී සම්බුද්ධ සාසනයේ පැවැත්ම, ධර්මයෙහි චිරස්ථිතිය පිණිස පනවා වදාළ ප්‍රඥප්ති සමුදාය ‘විනය පිටකය’ ලෙසත්, ඒ වගේ ම ඒ ඒ අවස්ථානුරූපීව, ඒ ඒ පුද්ගලයින්ට, ඒ ඒ පිරිස් වලට කරන ලද සම්මුති දේශනාවන් ‘සූත්‍ර පිටකය’ ලෙසටත්, ඒ වගේ ම හුදු ධර්මතාවයන් බෙදා දක්වමින්, ධර්මතාවයන් විග්‍රහ කරමින් කරන ලද ඒ පරමාර්ථ දේශනාව, ‘අභිධර්ම පිටකය’ විදියටත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා..... කියවන්න.
අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව යම් භික්ෂුවක් පිළිබඳව පිළිපැදිය යුතු ආකාරය ධර්මය තුළ සඳහන් ව තිබේ. විශේෂයෙන්ම විනය පිටකයෙ සහ අට්ඨකතාවේ පැමිණෙන විස්තර අනුව එය විනිශ්චය කටයුතුය. එය දක්වන්නට පෙරාතුව අභිධර්ම ප්‍රතික්ෂේප කිරීමේ විපත්ති දායක බව පිළිබඳව යමක්දැ ක්වීම යුතු යැයි සිතමි..... කියවන්න.
ස්වභාවයෙන්ම ගම්භීරාර්ථවත් නිසාත් සියුම් නුවණින්ම දතයුතු නිසාත් අතීතයේ පටන්ම අභිධර්මය පිළිබඳව විවිධ මතිමතාන්තර ඇතිවූ බවක් දක්නට ලැබේ. ඒ නිසාමදෝ නූතනය තුළද අභිධර්මය පිළිබඳව ඉස්මතු කරන ඇතැම් වාගාලාපන්ට පිළිතුරු දියයුතුමය. පැරණි ථේරීය සම්ප්‍රදාය ගරුකල උතුමන් මිථ්‍යා මත විදාරණය කොට සම්‍යක් දෘෂ්ඨිය විධාරණය කල නමුදු නැවැත නැවත විමසනා ගැටළු හමුවේ නව්‍යයන් සුරැකිනු වස් නැවත නැවත් පිළිතුරු දිය යුතුමය..... කියවන්න.
අභිධර්මය බුද්ධ දේශනාවක් ද නැද්ද, එය තථාගත දේශනාවට එකඟ ද යන ප්‍රශ්නය වර්තමානයේ ඇතැම් ධර්ම විවේචකයන් ඉදිරියේ ඇති ගැටලුවකි. මෙබඳු මතයක් දරණ අය සඳහා මුලින්ම සිහිපත් කළයුතු කරුණ වන්නේ බුදුරජාණන් වහන්සේ මනඞකල්පිතව අදහස් ප්‍රකාශ කරන ආකාරයේ කෙනෙකු නොවූ බව ය..... කියවන්න.
තථාගතයන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි වදාරන ලද බුද්ධවචන රාශිය ධර්ම - විනය වශයෙන් දෙපරිදි වෙයි. ධර්මය ද, ධර්ම - අභිධර්ම වශයෙන් දෙකට බෙදනු ලැබේ. තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානවලදි ඒ ඒ පුද්ගලයන්හට ඔවුන්ගේ චරිත අනුව, අදහස් අනුව, පැමිණ ඇති කරුණු අනුව පවත්වන ලද දේශනා ධර්ම නම් වේ. සූත්‍ර යනු ද ඒවාට කියන තවත් නමෙකි. චිත්ත චෛතසික රූප නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් අනේකාකාරයෙන් විභාග කොට දක්වන දේශනාව අභිධර්ම නම් වේ..... කියවන්න.
ඥෙය සාගර පාරගත වූ මහා කාරුණික වූ අප බුදු රජාණන් වහන්සේ විසින් පරම සූක්‍ෂම පරම ගම්භීර චිත්ත චෛතසිකාදී පරමාර්ථ ධර්මයන්ගේ තතු ලොවට හෙළි කරනු පිණිස දේශනය කළ විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකයයි..... කියවන්න.
තුන් මසක් මුළුල්ලෙහි නොනවත්වා පවත්වන ලද මෙපමණ මහත් දේශනාවක් අහන්නට මිනිසුන් සමර්ථ වෙන්නේ නැහැ. ඒ නිසාම මේ ධර්මය දෙවියන්ට දේශනා කළා. දෙවියන්ට දහම් දෙසීමට බුදු රුවක් නිර්මාණය අතර තථාගතයන් වහන්සේ දහම් දෙසීමට බුදු රුවක් නිර්මාණය කොට දින පතාම ආහාර කෘත්‍යය සඳහා මිනිස් ලොවට වැඩම වූ බවත් සඳහන් වෙනවා. බුද්ධෝපස්ථානය සඳහා දම් සෙනෙවි ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පැමිණියාම දෙවියන්ට දෙසූ මේ ධර්මය උන්වහන්සේට ඉතා සංක්ෂේපයෙන් දේශනා කරනවා. ශාරිපුත්‍ර හාමුදුරුවන් ඒ ධර්මය නය දහසින් නය ලක්ෂයෙන් තේරුම් ගන්නවා. එහෙම දැන ගත් අභිධර්මය උන්වහන්සේ විසින් ශාරිපුත්‍ර මහ රහතුන් වහන්සේට දේශනා කොට වදාළ උන්වහන්සේ විසින් ස්වකීය අතැවැසි පන්සියක් භික්ෂූන්ට උගන්වා වදාළ ඒ ශ්‍රේෂ්ඨ ධර්මය යි.එය තථාගත දේශනාවක්මයි..... කියවන්න.
සූත්‍ර, විනය, අභිධර්මය වශයෙන් බෙදා දක්වා ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි ගැඹුරු ධර්ම කොට්ඨාසය වන්නේ අභිධර්මය යි. අභිධර්මයෙහි ගැඹුරු බව නිසා එය අධ්‍යයනය කරන පිරිස සංඛ්‍යාත්මකව එතරම් ඉහළ නැත. එහෙත් මේ තත්ත්වය දැන් දැන් වෙනස් වෙමින් පවතින අතර අභිධර්මය ඉගෙන ගැනීමට පෙලැඹෙන ගිහියන්ගේ ප්‍රමාණය වැඩිවෙමින් ඇත..... කියවන්න.
චිත්ත වීථි ඉගෙනගත්තා කියල එහෙම නැතිනම් චිත්ත ඛාණ්ඩ ඉගෙනගත්ත කියල ඔගොල්ලොන්ගේ කෙලෙස් ගෙවෙන්නේ නැහැ. ඕගොල්ලොන්ට මොකද වෙන්නේ, තව දැනුමක් එකතු වෙයි. ඉගෙනගත්ත පුද්ගලයෙක් බිහිවෙයි එච්චරයි. නමුත් ධම්මසංගනීය ඉගෙන ගන්න කියල මම මතක් කරනවා කොහොමද?.... කියවන්න.