අන්තර්ගතය

අභිධර්ම පිටකයෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ.

  1. ධම්මසංගණිප්පකරණය
  2. විභංගප්පකරණය
  3. කථාවත්ථුප්පකරණය
  4. පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
  5. ධාතුකථාප්පකරණය
  6. යමකප්පකරම්ණය
  7. පට්ඨානප්පකරණය

අභිධර්‍මපිටකයෙහි පළමුවන ප්‍රකරණය වූ “ධම්මසඞ්ගණිප්පකරණය” බුද්ධජයන්ති ත්‍රිපිටකග්‍රන්‍ථමාලායෙහි එක්සාලිස් ග්‍රන්ථය වෙයි. බුද්ධජයන්ති උත්සවසංවිධානය සඳහා ලඞ්කාරජය මගින් පත්කරන ලද ලඞ්කාබෞද්ධමණ්ඩලයේ සමාරාධනය පරිදි ධම්මසඞ්ගණිප්පකරණය සිංහලයෙන් ව්‍යාඛ්‍යාන කරනලද නමුදු එය බෞද්ධමණ්ඩලයෙන් සම්මත වූ සැලැස්ම අනුව නො ගිය හෙයින් ත්‍රිපිටකසංස්කාරක මණ්ඩලය විසින් ධම්මසඞ්ගණිප්පකරණයෙහි පාඨශෝධනය හා සිංහල අනුවාදය ද කළ මැනැවයි අප වෙත පවරනලද්දේ විය..... කියවන්න.

ත්‍රිපිටක පාළියෙහි අභිධර්‍ම සප්තප්‍රකරණයට අයත් ග්‍රන්ථයන් අතුරෙහි විභඞ්ගප්පකරණය දෙවැනි ග්‍රන්ථය යි. මෙය ඛන්ධවිභඞ්ග ආදි කොට, ධම්මහදය විභඞ්ගය අවසන් කොට ඇති අටළොස් විභඞ්ගයෙකින් යුක්ත වෙයි. බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලායෙහි විභඞ්ගප්පකරණය 42, 43 වැනි ග්‍රන්ථ වශයෙන් පළවන්නේය. එයින් “ඛන්ධවිභඞ්ගය” පටන් “ඉද්ධිපාදවිභඞ්ගය” අවසන් කොට ඇති විභඞ්ග නවය මෙහි ප්‍රථමභාගය වේ..... කියවන්න.

අභිධර්‍ම, සප්තප්‍රකරණයට අයත් විභඞ්ගප්පකරණය ග්‍රන්ථප්‍රමාණය සලකා කාණ්ඩ දෙකක් වශයෙන් මුද්‍රණය කරවීමට නියම විය. එහි ඛන්ධවිභඞ්ගයේ පටන් විභඞ්ග නවයකින් ප්‍රථමභාගය සංගෘහිත විය. “බොජ්ඣඞ්ග” විභඞ්ගයේ පටන් “ධම්මහදය” විභඞ්ගය අවසන් කොට ඇති මේ ද්විතීය භාගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලායෙහි තෙසාලිස් 43 වැනි ග්‍රන්ථය වශයෙන් පළවන්නේය..... කියවන්න.

අභිධර්‍මපිටකයෙහි පස්වන ග්‍රන්ථය වූ කථාවස්තුප්‍රකරණයෙහි ප්‍රථමභාගය බුද්ධජයන්ති ත්‍රිපිටකග්‍රන්ථමාලාවෙහි සුසාලිස් වන ග්‍රන්ථයයි. බුද්ධජයන්තී අනුස්මරණ පිළිබඳ කර්‍තව්‍යසංවිධානය සඳහා ලඞ්කාණ්ඩුවෙන් පත්කරණලද ලඞකා බෞද්ධමණ්ඩලය විසින් ආරාධිත වූ අහංගම විද්‍යාචන්ද්‍ර පරිවෙණාධිපති, දක්ෂිණලඞ්කාවෙහි ප්‍රධාන සඞ්ඝනායක පණ්ඩිතාචාර්‍ය්‍ය කෝදාගොඩ ඤාණාලොක මහාස්ථවිරයන් වහන්සේ කථාවස්තුප්‍රකරණපාළිය සංහල භාෂාවට නගාලූහ..... කියවන්න.

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලායෙහි 47 වැනි ග්‍රන්ථය වූයේ අභිධර්‍ම පිටකයේ තුන්වැනි සතරවැනි ප්‍රකරණ වූ ‘ධාතුකථා’ ප්‍රකරණය හා ‘පුග්ගල පඤ්ඤත්ති’ ප්‍රකරණය යන ග්‍රන්ථ දෙක යි..... කියවන්න.

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලායහෙි අටසාලිස් (48) වැන්න ද අභිධර්‍මපිටකයෙහි අටවැනි ග්‍රන්ථය ද වශයෙන් සලකන ලද යමකප්‍රක්‍රණයේ ප්‍රථමභාගය මෙසේ බෞද්ධජනතාව අතට පමුණුවාලන්නට ලැබීම මහත් ප්‍රීතියට හෙතුයෙකි..... කියවන්න.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලායෙහි අභිධර්ම පිටකයට අයත් යමකප්‍රකරණය කාණ්ඩ දෙකකින් යුක්ත කොට මුද්‍රණයට සැලසුම් කරන ලද්දේය. එහි සවැනි සඞ්ඛාර යමකයෙහි පටන් ඉන්ද්‍රියයමකය තෙක් යමක පස මුද්‍රණ අවස්ථාවට පැමිණ පරිහරණයට දුෂ්කරවනසේ මහත් ග්‍රන්ථයක් වන බව පැනුණූ හෙයන් ‘ඉන්ද්‍රියයමකය’ වෙන ම කාණ්ඩයක් ලෙස මුද්‍රණය කරවන්නට තීරණය විය. එහෙයින් මේ ග්‍රන්ථභාගය යමක ප්‍රකරණයේ ද්විතීය භාගයෙහි දෙවැනි කාණ්ඩය ලෙස මුද්‍රණය වූ බව සලකන්නේ මැනැවි..... කියවන්න.