සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බං රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.
ධර්‍මදානය තෙම සියලු ආමිස දානය පරදවයි (ධර්‍මදානය ම උත්තම යී.) (බෝපැකි දහම් නව ලොවුතුරා දහම් නැමැති) ධර්‍ම රසය (ලොව ඇති ලවණාදි) සියලු රස පරදවයි. (ධර්‍මරසය ම උතුමි.) (දම් දෙසන්නහුට ද අසන්නහුට ද උපදනා ප්‍රීතිය වූ) ධර්‍මරතිය (දූ පුත් ආදීන් නිසා ඇති වන තාක්) සියලු රතිය (ප්‍රීතිය) පරදවයි (ධර්‍මරතිය ම උතුමි.) තෘෂ්ණාක්‍ෂයය (රහත්පලය) (සසරදුක් මැඬ ලන බැවින්) සියලු දුක් පරදවයි.
භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් තම සර්වඥතා ඥානයෙන් අවබෝධ කලා වූ විශිෂ්ටතම ධර්ම කොටස් ඇතුලත් අභිධර්ම පිටකය.
ධර්ම දානය අවුරුදු දහස් ගණනින් සීමා වූ බුද්ධෝත්පාදයෙහිම කළ හැකි වන්නේය. කල්ප ගණනින් අති දීර්ඝ වූ අබුද්ධොත්පාදයෙහි කළ නොහැකි වන්නේය. සංසාරයෙහි සැරිසරන සත්වයා සුගතියට නොපැමිණ අවුරුදු කල්ප කෝටි ගණන් හෝ ආත්මභාව සිය දහස් ගණන් හෝ සතර අපාය ස්වකීය ගෘහය කොට ගෙන වාසය කරයි. එහෙයින් එකල්හි දූ ධර්ම දානයක් නම් කළ නොහැකිවේමය. මිසදිටුව උපන් කල්හිදු, පිට සක්වල උපන් කල්හිදු, ගොළු - බිහිරි - මෝඩ – උම්මත්තකව උපන් කල්හිදු, ශ්‍රද්ධා, සති, වීරිය, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලව උපන් කල්හි දු අල්ප මාත්‍ර වූ ද ධර්ම දානයක් නම් නොකෙරේමය. කය නැතිව සිත පමණක් ඇති දීර්ඝායුෂ්ක අරූපී බ්‍රහ්ම ලෝක සතරෙහි ද සිත නැතිව කය පමණක් ඇති අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකයෙහි උපන් කල්හි වුවද ධර්ම දානය නොකළ හැකිය.
විමුක්තිය ලබන්නා වූ ක්‍රම වේදයන් පහක් විස්තර කරන්නා වූ අංගුත්තර පංචක නිපාතෙයහි “විමුත්තායතන” සූත්‍රයෙ හි නිවන ලබන ක්‍රම පහක් පිළිබඳ දේශනා වේ. ධර්මශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ඣායනාව, ධර්ම සම්මර්ෂණය හා භාවනාව නිවන් දොරටු වශයෙන් එ හි සඳහන් වේ. මෙයින් පළමු කරුණු සතර ම පාහේ ධර්ම දානමය කුසල කර්මය මත සිදුවන බව පැහැදිලි ය. පස්වැනි ක්‍රමවේදය භාවනාමය පුණ්‍ය කර්මය ප්‍රගුණ කිරීමෙන් සාර්ථක වන බව ද එ හි සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ ධර්මය ත්‍රිපිටකය තුළ අන්තර්ගත වේ. ත්‍රිපිටකය යනු සූත්‍ර , විනය, අභිධර්ම යන ධර්ම කොටස් එකතු කොට සකස් කළ බෞද්ධයාගේ මුදුන් මල්කඩ නම්වූ ග්‍රන්ථයයි. අසූ හාරදහසක් වන ශ්‍රී සද්ධර්මයෙන් ධර්මස්කන්ධ හතලිස් දෙදාහක්ම අයත් වන්නේ අභිධර්ම පිටකයටයි. මෙහි අන්තර්ගත වනුයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කල ශ්‍රී සද්ධර්මයෙහි ගැඹුරු දහම් කොටස් ය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේදීත් පිරිනිවන් පෑමෙන් පසුවත් බුදුන් වහන්සේගේ ධර්ම විනයට විරුද්ධ මත දැරුවෝ ගිහි පැවිදි දෙපිරිස තුළම සිටියහ.
මෙහි ඇති සියලූම අන්තර්ගතයයන් අති පූූජ්‍ය නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේලා ගේ පොත් පත් සහ දේශනාවන්ට අනුකූලව තෙරෙවාදී ත්‍රිපිටකය ආරක්ශා කිරීමට වෙහෙසෙන ගෙහි පැවිදි උතුමන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයකි.
මෙහි ප්‍රදාන අරමුණු දෙකකි.
-
අත් ගාම්භීර අභිදර්මයට අදාල සියල්ල එක් තනැනකට එකතු කිරිම
-
අභිදර්මයර්මය ප්‍රතිශේප කරන්නන්, අභිදර්මය ගැන ගැටලු ඇති අයට ඊට අවශය පිලිතුරු සපයා දී අභිදර්මයේ වැදගත්කම අවබෝධ කිරීම
මම අන්තර්ගත යේ කිසියම් හෝ වැරැද්දක් ඇත්නම්, තව අදහස් එකතු කිරීමට අවශනම් අප හට දැනුම් දෙන්න. ජීවිත පරදුවට තබා බොහෝ කාලයක් ශ්‍රී සද්ධර්මය කටපාඩමින් රැගෙන ආ මහා සංඝරත්නයටත්, විවිධ වකවානු වලදී ශ්‍රී සද්ධර්මයේ චිරස්ථිතියට ඇති වූ බලපෑම් දුරු කිරීමට ධර්ම සංගායනාවන් පවත්වා සම්බුද්ධ ශාසනය නගාසිටුවීමට කටයුතු කල මහා සංඝරත්නයට අනේක වාරයක් පිං අනුමෝදන් කරන්නෙමු, අනුමෝදන් වේවා!
සියලු සතුන් කෙරෙහි මෙත් කරුණාදිය පෙරටු කරගනිමින් සිදුකෙරෙන මේ උතුම් ධර්ම දානමය කුසල බෙලෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත් ලැබීම ට හේතු වේවා!
තෙරුවන් සරණයි!