සංඥාපනය
බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලායෙහි 47 වැනි ග්‍රන්ථය වූයේ අභිධර්‍ම පිටකයේ තුන්වැනි සතරවැනි ප්‍රකරණ වූ ‘ධාතුකථා’ ප්‍රකරණය හා ‘පුග්ගල පඤ්ඤත්ති’ ප්‍රකරණය යන ග්‍රන්ථ දෙක යි.
ධාතුකථා:
ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බොධියෙන් සත් වන වසැ තව්තිසායෙහි මාතෘදිව්‍යරාජයන් ප්‍රමුඛ දෙවියනට ප්‍රඥාසන්දීපක වූ පරමගම්භීර අභිධර්මදේශනා කරනසේක් අටළොස් ප්‍රභේදයෙන් සමන්වාගත වූ විභඞ්ග දේශනා පවත්වා තදනන්තර වැ ධාතු ප්‍රභේද දක්වමින් ධාතුකථා වදාළහ.
ධම්මසඞ්ගණියෙහි කුසලත්‍රිකය පටන් අරණධර්ම අන්ත කොට ඇති ධර්මයෝ ද ධාතුකථායෙහි පඤ්චස්කන්ධය පටන් මනසිකාර අන්ත කොට ඇති ධර්මයෝ ද ස්වභාවාර්ථයෙන් ධාතු නම් වෙති. ඔවුන් ගෙන කියන බැවින් මේ ප්‍රකරණ ‘ධාතුකථා’ නම් වෙයි. ‘ධම්මසඞ්ගණී’ ආදි අන්‍ය ප්‍රකරණයන්හිදු එ මැ ස්වභාවයෝ කියන ලදහ. ඒ හැම ප්‍රකරණයන්හි ලා එකදෙශකථනයක් මැ කරන ලද්දේ යැ. මෙහි වූ කලි ඒ හැම ධාතූන් ‘සඞ්ගහ, අසඞ්ගහ’ ආදි තුදු්නයෙහි ලා වෙන වෙන විභාග කොට කියන ලද වන බැවින සාතිශය කථන නු යි මෙ මැ ප්‍රකරණ ‘ධාතුකථා’ නම් ලද.
ධාතුකථා ‘උද්දෙස’ ‘නිද්දෙස’ විසින් ද්විවිධ වෙයි. උද්දෙස නම් මාතෘකා යි. එ ද ‘නයමාතිකා’ යැ ‘අබ්භන්තර මාතිකා’ යැ ‘නයමුඛමාතිකා’ යැ ‘ලක්ඛණමාතිකා’ යැ ‘බාහිරමාතිකා’ යැ යි පඤ්චවිධ වෙයි.
නයමාතිකා: ‘සඞ්ගහො අසඞ්ගහො’ යනු පටන් ‘විප්පයුත්තෙන සඞ්ගහිතං අසඞ්ගහිතං’ යනු හිම් කොට ඇති තුදුස් පද නයමාතිකා යි. ධාතු කථා ධර්මයන් මේ සඞ්ගහාදි නයින් විභාග කරනු ලබන බැවින් මේ නයමාතිකා නම් වෙයි. මේ තුදුස් පදයන් ධර්මවිභායට මුල් වන බැවින් ‘මූලමාතිකා’ යි කියනුදු වටී.
අබ්භන්තරමාතිකා: ‘පඤ්චක්ඛන්ධා’ යනු පටන් ‘මනසිකාරො’ යනු හිම් කොට ඇති එක්සිය පස්විස්සක් පද ‘අබ්භන්තරමාතිකා’ යි. විභඞ්ගයෙහි ආ අටළොස් මාතෘකා අතුරෙහි ‘සික්ඛාපද, පටිසම්භිදා, ඤාණ, ඛුද්දකවත්ථු, ධම්මපදය’ යන මාතෘකා පස හැර අවශ්ෂ තෙළෙස් මාතෘකා ද විභඞ්ගයෙහි නො ආ පඤ්චින්ද්‍රිය, පඤ්චබල, යන මොහු ද ‘ඵස්ස, වෙදනා, සඤ්ඤා, චෙතනා, චිත්ත, අධිමොක්ඛ, මනසිකාර’ යන චිත්තාඞ්ග ධර්මයෝ ද මෙහි අන්තර්ගත වෙති. ස්කන්ධාදි ධර්මයන් සඞ්ග්‍රහාද නයින් විභාග කොට ස්වරූප විසින් දක්වා ධාතුකථාභ්‍යන්තරයෙහි මැ තබනලද වන බැවින් මෙ අභ්‍යන්තරමාතෘකා නම් වෙයි. ඛන්ධාදි පදයන් ධම්මසඞගණී මාතිකායෙහි අසඞ්ගෘහීත වන බැවින් මෙ ‘ප්‍රකීර්ණක මාතෘකා’ යි කියනුදු වටී.
නයමුඛමාතිකා: ‘තීහි සඞ්ගහො තීහි අසඞ්ගහො චතූහි සම්පයොගො, චතූහි විප්පයොගප’ යන සතර පදයෙහන් තබන ලද්දේ නයමුඛමාතිකා යි. සියලු මැ පඤ්චස්කන්ධාදි ධර්මයන්හිදු කුශලත්‍රිකාදි මාතෘකාධර්මයන්හිදු සඞ්ග්‍රහයත් අසඞ්ග්‍රහයත් ඛන්ධ ආයතන ධාතු පදත්‍රයෙන් මැ කළයුතු වෙයි. එහැමයෙහි සම්ප්‍රයොගයත් විප්‍රයොගයත් සතර අරූපස්කන්ධයෙන් මැ කළයුතු වෙයි. මේ මාතෘකා සඞ්ග්‍රහාදිනයට ‘මුඛ’ වන බැවින් ‘නයමුඛමාතිකා’ යි කියනු ලැබේ.
ලක්ඛණමාතිකා: ‘සභාගො, විසභාගො’ යන මේ දෙපදයෙන් තබන ලද්දේ ‘ලක්ඛණමාතිකා’ නම. මෙහි සභාගලක්ඛනධර්මයෙන් ‘අසඞ්ග්‍රහ, විප්‍රයොග’ දෙනය ද, විසභාගලක්ඛන ධර්මයෙන් ‘සඞ්ග්‍රහ, සම්ප්‍රයොග’ දෙනය ද යෙදිය යුත යැ. සභාග විසභාග ලක්ෂණ වශයෙන් සඞ්ග්‍රහාදි ලක්ෂණ දක්වන්නට තබන ලද බැවින් මේ ‘ලක්ඛණමාතිකා’ නම් වේ.
බාහිරමාතිකා: ‘සබ්බාපි ධම්මසඞ්ගණී ධාතුකථාය මාතිකා’ යනු ‘බාහිරමාතිකා’ යි. මෙහි කුසලත්තිකාදි ත්‍රිකපද සසැටක් ද හෙතුදුකාදි ද්විකපද සියයක් ද සංක්ෂප්ත කොට දක්වන ලදි. මේ මාතෘකා පඤ්චක්ඛන්ධා ආදි අභයන්තරමාතෘකා දැක්වූ යේ ධාතුකථාමාතෘකා අතුරෙහි නො ලා ඉන් බැහැර කොට තබනලද වන බැවින් ‘බාහිරමාතිකා’ නම් වේ.
නිද්දෙසයෙහි දී අභ්‍යන්තර මාතෘකා ද බාහිරමාතෘකා ද නය, නයමුඛ,ලක්ඛණ යන මාතෘකා පදයන්හි ලා විභාග කරන ලද්දේ යැ. මෙසේ බලත් මැ ‘ධාතුකථාප්පකරණ’ යනු ධම්මසඞ්ගණී මාතෘකා ද විභඞ්ග මාතෘකා ද ගෙන ‘නය, නයමුඛ, ලක්ෂණ’ පදයන්හි ලා කරන ලද ස්වරූප විභගයක් බව පෙනෙයි. වාචනාමාර්ගයෙහි ආ පමණින් ‘ධාතුකථාප්පකරණය’ සාතිරෙක් බණවර සයෙකි.
පුග්ගලපඤ්ඤත්ති:
ධම්මසඞ්ගණියෙහි තික - දූක වශයෙන් සඞ්ග්‍රහ කරනලද ධර්මයෝ විභඞ්ගයෙහි දී ස්කන්ධාදි වශයෙන් නිෂ්ප්‍රදේශ කොට විභාග කරන ලදහ. දෙක්හි සඞග්‍රහ කරන ලද්දා වූ ද විභාග කරන ලද්දා වූ ද ධර්මයෝ ධාතුකථායෙහි ලා ‘සඞ්ග්‍රහ අසඞ්ග්‍රහ’ ආදි තුදුස් නයෙකින් සාතිශය කොට විභග කරන ලදහ. තදනන්තර වැ එ හැම ධර්මයන්ගේ ස්වභාව ප්‍රඥප්ති දු උපාදා ප්‍රඥප්තිදු ප්‍රභේද වශයෙන් දක්වන්නට “ඡපඤ්ඤතියො” යනාදීන් පුද්ගලප්‍රඥප්ති දේශනා ආරබ්ධ යි.
සප්තප්‍රකරණයන් අතුරෙහි සතර වැන්න ‘පුද්ගලපඤ්ඤත්තිප්පකරණ’ නම් වෙයි. පඤ්ඤත්ති සයෙකි: ඛන්ධපඤ්ඤත්ති යැ ආයතනපඤ්ඤත්ති යැ ධාතුපඤ්ඤත්ති සච්චපඤ්ඤත්ති යැ සච්චපඤ්ඤත්ති යැ ඉන්ද්‍රියපඤ්ඤත්ති යැ පුග්ගල පඤ්ඤත්ති යැ කියා යි.
පඤ්චවිධ ඥෙයධර්මයන් අතුරෙහි ප්‍රඥප්තිය ද එකෙකි. ආභිධර්මිකයන් ප්‍රඥප්තිධර්මයෙහි නොමුළා වන පිණිස ප්‍රඥප්තිධර්ම ද අභධර්මයෙහි ලා සඞ්ගෘහිත වෙයි. පුග්ගලපඤ්ඤත්තිප්පකරණයෙහි ස්කන්ධාදි පඤ්චප්‍රඥප්තීන් ආදියෙහි ලා කියතුදු පුද්ගලප්‍රඥප්තිප්පකරණයෙහි ස්කන්ධාදි පඤ්චප්‍රඥප්තීන් ආදියෙහි ලා කියතුදු පුද්ගලප්‍රඥප්ති ප්‍රභේද ප්‍රකාශනය මැ මුඛ්‍ය වන බැවින් පුද්ගල ප්‍රඥප්තිය නිසා මේ ප්‍රකරණ පුද්ගල ප්‍රඥප්ති නම් වෙයි. ස්කන්ධාදි ප්‍රඥප්තීන් විභඞ්ගයෙහි ලා නිෂ්ප්‍රදේශ කොට වදාරන ලද බැවින මෙහි දී එකදේශයෙකින් වදාළහ. විභඞගයෙහි නො වදාළ පුද්ගලප්‍රඥප්තිය මෙහි ලා විස්තර විසින් විභාග කොට දක්වන ලදී.
‘පඤ්ඤත්ති’ ශබ්දය වූ කලි “ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති, පට්ඨපෙති” ආදි තන්හි ‘දර්ශනය ප්‍රකාශනය’ යන අරුත්හි වැටෙයි. “සුපඤ්ඤත්තං මඤ්පීඨං” යන තන්හි ‘ස්ථාපන නික්ෂෙපණ’ අරුත්හි වැටෙයි. ‘පුග්ගලපඤ්ඤත්ති’ යන තන්හි ඒ දෙ අරුත් මැ වටී. පුද්ගලයන් ‘පුද්ගල’ යයි දැක්වීම, පැවැසී , තැබීම, බහාලීම පුද්ගල ප්‍රඥප්ති නම් වෙයි.
පුග්ගලපඤ්ඤත්තිපකරණ උද්දේස නිද්දෙස විසින් ද්විවිධ වෙයි. උද්දෙසයෙහි ඒකකය පටන් දසකය තෙක් අනුක්‍රමයෙන් රාශිදශයෙක ලා විවිධ පුද්ගලයෝ සඞ්ග්‍රහ කරන ලදහ. ඒකක රාශියෙහි පුද්ගලයෝ පනස්දෙනෙක. ද්විකරාශි සවිස්සෙක, ත්‍රිකරාශි සොළොසෙක, චතුෂ්ක රාශි එකුන්තිසෙක පඤ්චක රාශි තුදුසෙක, සප්තකරාශි දෙකෙක, ෂට්ක, අෂ්ටක, නවක, දශක යන්හි එකෙකි රාශිය බැවිනි. සියලු පුද්ගලයෝ තුන්සිය තෙයාසූ (383) දෙනෙක් මෙහි සඞ්ගෘහීත වෙති. උද්දෙශයෙහි කියන ලද එක් එක් පුද්ගලයා ගෙන නිර්දෙශයෙහි දී විස්තර විසින් විභාග කොට දක්වන ලද්දේ යැ. වාචනාමාර්ගයෙහි ආ පමණින් පුග්ගලපඤ්ඤත්තිපකරණය අතිරේකයක් සහිත බණවර පසෙක් පමණ වේ. අභිධර්මය පිළිබඳ වැ කිවයුතු දැය ‘ධම්මසඞ්ගණිප්පකරණ’ සංඥාපනයෙහි කියන ලද වන බැවින් මෙහි වටාලා නො කියම්හ.
කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිර
ත්‍රිපිටක කාර්‍ය්‍යාලය, මහානායක චාරිකාරාමය, 115, විජේරාම මාවත,කොළඹ 7, 1976, සැප්තැම්බර් 20 වැනි දින දීය.
සංකේත නිරූපණය
සිමු: සිංහල මුද්‍රිත ග්‍රන්ථ සිරිමු: සිරිපාද ත්‍රිපිටක මුද්‍රණය මඡසං - බුරුම ඡට්ඨසංගීති - ශොධිත අභිධම්ම පිටක
ස්‍යා - සියම් - තාය්‍යක්ෂර අභිධම්ම පිටක
PTS - Pali Text Society -