ප්‍රතික්ෂේප කරන්නන්ට පිළිතුරු

කතෘ - ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි

සංවාදය - රත්තනදෙණියේ මේධානන්ද හිමි

2002 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් පාලිභාෂාව සඳහා මූලික උපාධියත් (බී. ඒ. ගෞරව) පසුව එම විශ්වවිද්‍යාලයෙන්ම බෞද්ධ අධ්‍යයන (M.A. 2004) සහ පාලි භාෂාව විෂය කොටගෙන (Mphil 2006) පශ්චාත් උපාධි දෙකක්‌ දිනාගත් පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ 2010 දී දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය (Phd) දිනා ගත්හ. ප්‍රකට ධර්මදේශකයකු වන උන්වහන්සේ දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කරයි. මහින්දාගමනයෙන් පසු ඇති වූ ලාංකික සංස්‌කෘතික ප්‍රබෝධය නිමිති කොටගෙන මේ උන්වහන්සේ සමඟ වටමඬල කළ සංවාදයේ සංක්‍ෂිප්ත සටහනයි..... කියවන්න.

කතෘ - පූජ්‍ය කන්දෙකුඹුරේ කන්දෙකුඹුරේ රාධ ස්වාමීන් වහන්සේ

මූලාශ්‍රය - අමාදොර

අභිධර්ම දේශනාව ගුරුවරයෙකු යටතේ ශ්‍රද්ධාවෙන් ප්‍රගුණ කළ යුතු ය. නො හැකි නම් එම ධර්ම පර්යායට නිගරු නොකළ යුතු ය. යම් කරුණක් තමාට අගෝචර වූ පමණින් එය ප්‍රතික්ෂේප කිරීම ප්‍රඥාවන්තයන්ගේ ලක්ෂණයක් නොවේ..... කියවන්න.

කතෘ - කේ. විජිතනන්ද හිමි, නිග්‍රෝධාරාම සේනාසනය, පොල්පිටිය උතුර, මැටිකුඹුර, පොල්ගහවෙල

මූලාශ්‍රය - Sakmana

අභිධර්මය කියන්නෙ බුද්ධ ඥනයට විෂය වුණ අති සියුම් පරම ගම්භීර ස්‌කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, චිත්ත, චෛතසික ධර්ම, මාර්ග ඵල, නිර්වාණ ආදී ධර්මයන් මාතෘකා වශයෙන් විභාගකොට වදාළ විශිෂ්ට පරමාර්ථ ධර්මය. මේ පරම ගම්භීර පරමාර්ථ ධර්මයන් ස්‌වයංභූ ඥනයෙන් තත්ත්වාකාරයෙන් අවබෝධ කරගෙන දේශනා කරන්න සමත් වෙන්නෙ, අති දීර්ඝ කාලයක්‌ පූර්ණ කළ මහා පාරමිතා බලයෙන් ලැබූ සර්වඥතා ඥනය තියෙන ලොව්තුරා බුදුන්වහන්සේලාට මිසක්‌ ලෝකයේ වෙන කිසිම ශාස්‌තෘවරයකුට බැහැ. තථාගතයන් වහන්සේ නමක්‌ ලෝකයට පහලවීමෙන් ඒ පරම සත්‍යය මතු කර දුන්නට පස්‌සෙ, ශ්‍රාවකයන්ට තම තමන්ගෙ ප්‍රඥවේ ප්‍රමාණයට වටහා ගන්න පුළුවන්..... කියවන්න.

කතෘ - අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ සිරි රහල් හිමි

මූලාශ්‍රය - දිනමිණ ආලෝකෝ උදපාදී

බුදුරජාණන් වහන්සේගේ ධර්මය සූත්‍ර, විනය, අභිධර්ම යයි පිටක වශයෙන් තුනකට බෙදා තිබේ. බුදුන් වහන්සේ ලෝකයාත්, සත්වයාත් පිළිබඳ යථා තත්ත්වය තත්ත්වාකාරයෙන් දේශනා කළහ. එය කිසිම සූත්‍රයක සඳහන් නොවේ. ඒ සා විශාල කාරණයක් සූත්‍රයක විස්තර කළ හැකිද නොවේ. සූත්‍රවල සඳහන් වන්නේ එක්තරා කොටසක් පමණකි. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් එන එකම ධර්මය අභිධර්මයයි..... කියවන්න.

කතෘ - අතිපූජනීය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ

මූලාශ්‍රය - Sri Sadaham

බුද්ධ ධර්මය රස වශයෙන් එක් ආකාරයි… එකම විමුක්ති රසයයි. ධර්ම, විනය වශයෙන් දෙකට බෙදෙනවා. නැවත පිටක වශයෙන් තුනට බෙ දෙනවා… විනය, සූත්‍ර, අභිධර්ම. ඒ එක්කම නිකාය වශයෙන් පහට බෙදෙනවා. අංග වශයෙන් නවයකට බෙදෙනවා. ධර්මස්කන්ධ වශයෙන් අසූහාරදහසකට බෙදෙනවා. බොහෝ සෙයින් අට්ඨකථාවල මේ විග්‍රහය දක්වන අතර, සවිස්තරව පැහැදිලි කරනු ලබන්නේ… විනය, සූත්‍ර, අභිධර්ම කියන පිටකත්‍රය වශයෙනුයි. විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය… පිටකත්‍රයේම අට්ඨකථාවල මුලටම මේ සූත්‍ර, විනය, අභිධර්මය කියන පිටකත්‍රය විස්තර කරනවා..... කියවන්න.

සම්පාදක - පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසරක් මුළුල්ලේ දේශනා කර වදාළ සමස්ථ බුද්ධ දේශනය විනය, සූත්‍ර හා අභිධර්ම වශයෙන් ත්‍රිපිටකය වේ. ඒ සමස්ථ ත්‍රිපිටක ධර්මයම විමුක්ති රසයෙන් යුතු බැවින් නිවන් අවබෝධය සඳහා උපකාරී වන බව පිළිගත යුතු වේ..... කියවන්න.