අභිධර්මය ප්‍රාඥයින්ට පමණක්ද?

කතෘ - අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ සිරි රහල් හිමි

මූලාශ්‍රය - දිනමිණ ආලෝකෝ උදපාදී

බුදුරජාණන් වහන්සේගේ ධර්මය සූත්‍ර, විනය, අභිධර්ම යයි පිටක වශයෙන් තුනකට බෙදා තිබේ. බුදුන් වහන්සේ ලෝකයාත්, සත්වයාත් පිළිබඳ යථා තත්ත්වය තත්ත්වාකාරයෙන් දේශනා කළහ. එය කිසිම සූත්‍රයක සඳහන් නොවේ. ඒ සා විශාල කාරණයක් සූත්‍රයක විස්තර කළ හැකිද නොවේ. සූත්‍රවල සඳහන් වන්නේ එක්තරා කොටසක් පමණකි. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් එන එකම ධර්මය අභිධර්මයයි. අභිධර්මය උගත් කෙනෙකුට එහි හරි අවබෝධය ලැබුණු විට වැටහෙන කාරණයකි මේ. සූත්‍රයක් දෙකක් තුනක් උගත් පමණෙකින් ධර්මය පිළිබඳ හරි වැටහීමක් නො ලැබේ.

මුළු ලිපිය මෙතනින් කියවන්න