අභිධර්මය බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නොවේද?

කතෘ - අතිපූජනීය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ

මූලාශ්‍රය - Sri Sadaham

(අතිපූජනීය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ සමඟින් පූජනීය දරණාගම කුසලධම්ම නාහිමියන් පවත්වන ලද,‘බෞද්ධයා’ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ධර්ම සාකච්ඡාවකි)

http://www.youtube.com/watch?feature=player_embedded&v=x_CWFS-rca8

ප්‍රශ්නය :-

අද මේ පින්වතුන්ට… ධර්ම කරුණු සාකච්ඡා කරන්නට, දේශනා කරන්නට මේ ස්ථානයට වැඩම කොට වදාලේ, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙ ප්‍රධාන අනුශාසක, ඒ වගේම කල්‍යාණි යෝගාශ්‍රමාධිපති, අග්ගමහා කම්මට්ඨානාචාර්ය, අති පූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ…. අපි ඉතාම ගෞරවයෙන් අරියධම්ම මාහිමියන් වහන්සේ පිලිගනිමින් මේ වැඩසටහන ආරම්භ කරන්නට, අපේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්නට කැමතියි ස්වාමින් වහන්ස…! මේ ප්‍රධාන වශයෙන් බුද්ධ ධර්මය, බුදුරජාණන් වහන්සේගේ දේශනාව කී වැදෑරුම් වෙනවද කියන කාරණය…? අපි පළමුවෙන් අපේ ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි…!

පිළිතුර :-

තෙරුවන් සරණයි….! බුද්ධ ධර්මය රස වශයෙන් එක් ආකාරයි… එකම විමුක්ති රසයයි. ධර්ම, විනය වශයෙන් දෙකට බෙදෙනවා. නැවත පිටක වශයෙන් තුනට බෙ දෙනවා… විනය, සූත්‍ර, අභිධර්ම. ඒ එක්කම නිකාය වශයෙන් පහට බෙදෙනවා. අංග වශයෙන් නවයකට බෙදෙනවා. ධර්මස්කන්ධ වශයෙන් අසූහාරදහසකට බෙදෙනවා. බොහෝ සෙයින් අට්ඨකථාවල මේ විග්‍රහය දක්වන අතර, සවිස්තරව පැහැදිලි කරනු ලබන්නේ… විනය, සූත්‍ර, අභිධර්ම කියන පිටකත්‍රය වශයෙනුයි. විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය… පිටකත්‍රයේම අට්ඨකථාවල මුලටම මේ සූත්‍ර, විනය, අභිධර්මය කියන පිටකත්‍රය විස්තර කරනවා.

මුළු ලිපිය මෙතනින් කියවන්න