අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව යම් භික්ෂුවක් පිළිබඳව පිළිපැදිය යුතු ආකාරය ධර්මය තුළ සඳහන් ව තිබේ. විශේෂයෙන්ම විනය පිටකයෙ සහ අට්ඨකතාවේ පැමිණෙන විස්තර අනුව එය විනිශ්චය කටයුතුය. එය දක්වන්නට පෙරාතුව අභිධර්ම ප්‍රතික්ෂේප කිරීමේ විපත්ති දායක බව පිළිබඳව යමක්දැ ක්වීම යුතු යැයි සිතමි.
ශාක්‍යසිංහ, දසබලධාරී වූ ඥෙය පාරගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කළ මුළු මහත් ධර්ම විනයෙහි අමාකිර බඳු වූ අභිධර්ම දේශණාව පරමාර්ථ සංඛ්‍යාත ස්කන්ධ, ආයතන, ධාතු, චතුරායර්‍යසත්‍යය, ප්‍රතීත්‍යසමුත්පාදය ආදී සකලවිධ ධර්ම කොට්ඨාසයන් විස්තර විභාග කොට දක්වන්නා වූ ගාම්භීර දේශණාව ය. මෙහි දී එම අභිධර්ම පිළිබඳව විස්තර විභාග නො කොට එහි යෙදෙන සහ එරෙහි වන භික්ෂුවගේ තත්වය ගෙන හැර දක්වමි.