භාවනාව යනු කුසල අරමුණේ හිත රඳවා ගැනීමයි. මෙම කොටස තුළ මහ බෝසතුන් වහන්සේ පාරමී පිරූ කාලයත්, බුද්ධත්වය ලැබූ තැනත්, ධර්මය සම්මර්ශනය කළ බවත්, සත්වන අවුරුද්දේ අභිධර්ම දේශනය පැවැත්වූ හැටිත්, සාරිපුත්ත හිමි උපස්ථාන කළ ආකාරයත්, අභිනව භික්ෂුන්ට අභිධර්මය හැදෑරූ බවත් ක්‍රමයෙන් මෙනෙහි කළ හැකි වෙනවා .සාවධානව මේ තුළ හිත රඳවන කෙනෙකුට ඒ තුළින් බුදුගුණ තුළ සිත තැන්පත් වේ . අභිධර්ම භාවනාවේ ආරම්භයක් හැටියට අභිධර්ම නිධානය තුළින් බුද්ධානුස්සතියත් සැදැහැත් ධර්ම ගෞරවයක් හිත තුළ දියුණු වෙනවා. ඒ වගේම අභිධර්මයෙහි ආරම්භයක් හිතට හොඳට කා වැදෙනවා. චිත්ත සමාධිය දියුණුවේ."
අභිධර්ම භාවනා
දේශක - පූජ්‍ය විජයරාජපුර සමථසාර ස්වාමීන් වහන්සේ