අභිධර්ම දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේගේ හේතු ඵල ධර්ම දේශනා අතරින් ගැඹුරුම දේශනාව වන්නේ සූවිසි ප්‍රත්‍යය ( Suvisi prathya ) දේශනාවයි. එය ඇතුලත් වන්නේ පට්ඨාන ( pattana ) ප්‍රකරණයෙහි ය. මෙම දේශනා මාලාවෙන් පට්ඨාන ප්‍රකරණයේ මහාවාරයේ මුලින් ම පැමිණෙන කුසල ත්‍රිකය පැහැදිලි කරයි.
මෙම ආරම්භක දේශනයේදී පට්ඨාන ප්‍රකරණ පිළිබඳව හැඳින්වීම ද, සූවිසි පට්ඨානයන් පිළිබඳ කෙටි විස්තරයක් ස්වාමින් වහන්සේ සිදු කරයි.