අභිධර්ම පිටකයට අයත් පළමු ප්‍රකරණය තමයි ධම්මසඞ්ගණී ප්‍රකරණය කියලා කියන්නේ. ධම්මසඞ්ගණී ප්‍රකරණය තුළ තිබෙනවා ‘මාතිකාවන්’. මාතිකා කියලා කියන්නේ, අපි සරල විදිහට කතා කළොත් එහෙම මාතෘකාවන් කියන එක. මෙන්න මේ කියන මාතිකා ධර්මයන් තමයි ධම්මසඞ්ගණී ප්‍රකරණයේ විග්‍රහ වන්නෙත්. ඒ වගේ ම මේ මාතිකා අනුව තමයි අභිධර්ම පිටකයට අයත් මුළු සප්ත ප්‍රකරණය ම දිවෙන්නේ.
මාතිකා
දේශක - පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ